Friday, March 29, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මට්‌ටමේ නවීන සේවා සමගින් පානදුර සචිත්‍ර පෞද්ගලික රෝහල නව මුහුණුවරකින්




ජාත්‍යන්තර මට්‌ටමේ නවීන සෞඛ්‍ය සේවා සමගින් පානදුර සචිත්‍ර පෞද්ගලික රෝහල නව මුහුණුවරකින් සිය මෙහෙයුම් කටයුතු පසුගියදා ඇරඹුණා.

කෙටි කාලයකින් ජනතා විශ්වාසය ඉහළින්ම දිනූ සචිත්‍ර පෞද්ගලික රෝහල සියලු පහසුකම්වලින් සපිරි පෞද්ගලික රෝහලකි. 

අත්දැකීම්වලින් පරිපූර්ණ විශේෂඥ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු පුහුණු කාර්ය මණ්‌ඩලයක සුහදශිලී සේවය පැය 24 පුරා සචිත්‍ර පෞද්ගලික රෝහලෙන් සැපැයෙන අතර චැනල් සේවාවලින්, බාහිර රෝගී අංශයකින්, හදිසි ප්‍රතිකාර අංශයකින්, ශල්‍යාගාරයකින්, දැඩි සත්කාර ඒකකයකින්,දන්ත ශල්‍යාගාරයකින් සහ රසායනාගාර පහසුකම්වලින් පරිපූර්ණ වනවා. 

තවද සචිත්‍ර පෞද්ගලික රෝහලෙන් එක්‌ස්‌ රේ, අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන්, ECG, එක්‌සර්සයිස්‌ ECG, එන්ඩොස්‌කොපි ආදී පරීක්‌ෂණ සහ රුධිර පරීක්‌ෂණ සියල්ල නිරවද්‍ය ලෙස සිදු කර ගත හැකිය.

අංක 76, හොරණ පාර, පානදුර ලිපිනයේ පිහිටා ඇති සචිත්‍ර පෞද්ගලික රෝහල  සතුව සියලු පහසුකම්වලින් සපිරි කාමර ඇති අතර වායුසමනය කළ අති සුඛෝපභෝගී කාමරද ඊට ඇතුළත් වනවා.