Saturday, April 20, 2024

General line - 0115112241

මුලතිවු හරහා හමා ගිය තද සුළගකින් නිවාස රැසකට හානි (PHOTOS)




මුලතිව් මුල්ලියාවලෙයි පළාත හරහා ඇති වූ තද සුළගකින් නිවාස 15කට දැඩි හානි සිදුව තිබෙනවා. 

ගස් පෙරලීම හේතුවෙන් මුල්ලියාවලෙයි පළාතේ මාර්ග රැසක් අවහිරව තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

විදුළි රැහැන් සහ දුරකතන රැහැන්වලට සිදු වූ හානි හේතුවෙන් එම පළාතේ විදුලිය ද විසන්ධි වී තිබී ඇති අතර එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.