Friday, April 19, 2024

General line - 0115112241

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි 




උතුරු කොරියාව තවත් දිගු දුර මිසයිලයක් අත්හදා බලා ඇති බව ජපානය සහ දකුණු කොරියාව පවසනවා. 

ජපාන ජාතික මාධ්‍ය ආයාතනය නිවේදනය කළේ එම මිසයිලය ජපානයේ විශේෂ ආර්ථීක කලාපයට අයත් මුහුදු සීමාවේ පතිත වී ඇති බවයි. 

මෙය මෙම වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලු 14 වැනි මිසයිල අත්හදා බැලීම බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ. 

උතුරු කොරියානු වේලාවෙන් රාත්‍රී 11.40 ට පමණ මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. 

විනාඩි 45ක් පමණ කාලයක් එම මිසයිලය ගුවනේ රැඳී තිබුණ බවයි එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කළේ. 

මෙම සිද්ධිය සැලවීමත් සමග දකුණු කොරියාවේ ආරක්ෂක මණ්ඩලය හදිසි සාකච්ඡාවක් ද කැඳවා ඇතැයි සඳහන්.