Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු ජනපති දියනිය අත්අඩංගුවට




උස්බෙකිස්තානයේ හිටපු ජනාධිපති ඉස්ලාම් කරිමෝෆ්ගේ දියණිය රැඳවුම් භාරයට ගෙන තිබෙනවා. මේ වනවිට 45 වන වියේ පසුවන ඇය කලක් රටේ පාලන බලය හිමිකර ගනු ඇතැයි විශ්වාසය ද දිනා සිටි අයෙක්. කෙසේ වෙතත් සිය පියා සමග අවස්ථා ගණනාවක දී ඇය ගැටුම් ඇති කර ගත්තා.

ඒ අනුව ඉස්ලාම් කරිමෝෆ් ජනාධිපතිවරයා ලෙස සිටියදීම ඇය දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකාරියක කෙරුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අනුව ඉකුත් 2015 වසරේ සිට ඇය රැු`දවුම් භාරයේ සිටින බව උස්බෙකිස්තාන බලධාරීන් කියා සිටියා. මේ පිළිබ`ද මෙවැනි නිල ප‍්‍රකාශයක් කෙරුණු පළමු අවස්ථාව ද මෙයයි.