Saturday, April 20, 2024

General line - 0115112241

ත්‍රස්තවාදීන් ඕස්ට්‍රේලියාව කළඹයි




ඕස්ට්‍රේලියාවේ සියලුම දේශීය හා ජාත්‍යන්තර ගුවන් තොටුපලවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. ගුවන් යානාවල ආරක්ෂාවද දැඩි කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රස්තවාදීන් පිරිසක් විසින් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට දැරූ උත්සාහයක් එරට ත්‍රස්ත මර්දන පොලීසිය ව්‍යවර්ථ කිරීමට කටයුතු කිරීමෙන් පසු මෙම ආරක්ෂක වැඩපිළිවෙල දියත් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිඩ්නි නුවරදී පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

දැවැන්ත ඒකාබද්ධ ත්‍රස්ත මර්දන මෙහෙයුමකින් පසු පුපුරණ ද්‍රව්‍ය මගින් ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටර්න්බුල් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.