Friday, April 19, 2024

General line - 0115112241

වැඩිහිටි කන්දට ගිය ජීප් රථයක් පෙරළෙයි - 15 දෙනෙකු රෝහලේ




කතරගම වැඩිහිටි කන්ද පුද බිමට බැතිමතුන් ප‍්‍රවාහනය කල ජීප් රථයක් පෙරළී ගොස් තිබෙනවා.

අනතුරෙන් පුද්ලයන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අද (30) උදැසන 10.00ට පමණ අනතුර සිදුවූ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා කතරගම දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් දෙදෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යැවුණා.

ජීප් රථයේ තිරිංග ක‍්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ.