Thursday, April 25, 2024

General line - 0115112241

ඩෙංගු තවාන් දැමු පිරිසකට ලක්ෂ ගණනින් දඩ




කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන බල ප්‍රදේශයේ කළුතර සහ බේරුවල ප්‍රාදේශීය සෞඛ්‍ය  වෛද්‍ය සේවා කොට්ඨාස තුළ මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්, පොලිසිය හා හමුදාව සිදු කළ ඩෙංගු මර්දන වැටලීම් වලින් නිවාසවල ඩෙංගු කීටයන් බෝ කිරීමේ වරදට හසුවූ පුද්ගලයන් 217 දෙනෙකුට, එක් අයෙකුට රුපියල් 5000 බැගින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 1085000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, කළුතර සහ බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම් සිදු කර තිබෙනවා.