Friday, March 29, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යාපනයේ දී දෙමළ තරුණයින්ගෙන් කඩු පහර (PHOTOS)

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




යාපනයේ කොකුවිල් - කෝපායි පොලිස් වසමට අයත් පොන්නඩි පාරේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව අද (30) දහවල් යතුරු පැදිවලින් පැමිණි දෙමළ තරුණයින් පිරිසක් විසින් කඩුවලින් කැපීම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව යාපනය රෝහලේදී ශල්‍ය කර්මයකට ලක් කළ බවයි යාපනය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ.

රාජකාරි නිල ඇඳුම සහිතව රාජකාරියේ නිරතව සිටියදී යතුරු පැදිවලින් පැමිණි නව දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් දහවල් 1.45ට පමණ මෙම පහරදීම සිදුකර තිබෙනවා. 

මෙහිදි සුරේද්‍ර නමැති දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරයෙකු හා දම්මික නමැති තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයිද යාපනය ආරක්ෂක ආරංචි මාර්ග පවසනවා.

පහරදීම සිදුකල කිසිවෙකු මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනයේ එම ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.