Thursday, April 25, 2024

General line - 0115112241

උමාඔය නිසා ගොවීන් අන්ත අසරණ වෙයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




උමාඔය නිසා මධ්‍යම කඳුකරයේ පොළොව ඉරිතැලී ගොස් තිබෙන බව එම ප්‍රදේශයේ ගොවීන් පවසනවා. ඔවුන් කියා සිටින්නේ වසර ගණනාවක් පුරාවට තමන් සරුකළ බිම් අද (30) වන විට වියළී ගොස් ඇති බවයි.

මෙය මිනිසුන් විසින් මිනිසුන්ටම කරගත් විනාශයක ප්‍රතිඑලයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.  

මාධ්‍යම කඳුකරයේ ගොවීන්ට තිබෙන එකම ආශිර්වාදය වන්නේ ඉඳ හිට හෝ ලැබෙන වැසිදිය පමණයි. 

මේ වන විට උමාඔය ව්‍යාපෘතිය ඒ සියල්ල වෙනස්කරමින් ඔවුන්ට අත්කළ ඉරණම නිසා ගොවීන් අසරණ වී තිබෙනවා. 

එදා ජලය ගලා ගිය මහපොළොව සමග සරුසාර ජීවිතයක් ගත කළ මේ ගොවීන්ට අද වනවිට කාෂ්ටක පොළොව සමග ගැටෙමින් ජීවිතය ගැට ගසා ගැනීමට සිදුව තිබෙනවා. 

බදුල්ල දිස්ත්‍රික්කයේ පල්ලපේරුව වසමේ හිල් ඔයට මායිම්ව වසර ගණනාවක සිට ගොවිතැන් කරන ගොවීන්ට මේ වන විට ජලය නොමැති වීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.