Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් රැගත් නෞකාවක් සයිප‍්‍රසයේ දී අත්අඩංගුවට




ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් පිරිසක් ද සහිත නෞකාවක් සයිප‍්‍රසයට උතුරුදිගින් පිහිටි මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, සයිප‍්‍රස් ආරක්ෂක අංශ බලධාරීන් විසින්. ‘‘ ද ගාඩියන්’’ වෙබ් අඩවිය වාර්තා කළේ මධ්‍යදරණී මුහුදු හරහා ඉතාලියට යාත‍්‍රා කරමින් සිටිය දී එම නෞකාව අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

නෞකාවේ සිට ඇති ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් සංඛ්‍යාව 20ක්. ඉතාලිය බලා යාම සඳහා ඔවුන් යූරෝ දස දහසක් බැගින් නෞකාවට ගෙවා ඇති බවද සඳහන්. 

ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් නෞකාවට ගොඩවී ඇත්තේ සයිප‍්‍රසයේදී බවයි හෙළි වී ඇත්තේ. 

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට වේලාවෙන් ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේයි. අත්අඩංගුවට ගත් 15 දෙනෙකු යළි ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කර ඇති අතර සෙසු පස් දෙනා සරණාගතභාවය ඉල්ලා ඇතැයි සඳහන්. 

මෙම නෞකාව ස්විස්ටර්ලන්ත ජාතිකයෙකුට අයත් එක්ක වන අතර එහි කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු ද ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා.