Thursday, April 25, 2024

General line - 0115112241

යාපනයේ ආරක්ෂාව දැඩි කෙරේ




යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, කෝපායි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි කිසියම් පිරිසක් තියුණු ආයුධ යොදා ගනිමින් සිදු කළ පහරදීමෙන් පසුවයි.

මෙම පහරදීම ඉකුත් සමයේ දැඩි කතාබහට ලක්වූ ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි සැක පහල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් පහරදුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 04ක් ද අනියුක්ත කර තිබෙනවා. 

ඊයේ පස්වරුවේ සිදු කළ මෙම පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ යාපනය රෝහලටයි.

යතුරුපැදි 03කින් පැමිණි තරුණයින් 09 දෙනෙකු පහරදීම සඳහා පළමුව පැමිණ ඇති අතර, තවත් යතුරුපැදි 04කින් පැමිණි පිරිසක් පසුව ඊට එක්ව තිබෙනවා.

කඩු සහ වෙනත් තියුණු ආයුධ භාවිත කරමින් පහරදීම සිදු කර ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ. ප්‍රහාරය සඳහා පැමිණි සැකකරුවන් සැඟව සිට ඇත්තේ කොප්පති ක‍්‍රීඩාංගණය අසළ කැළෑවකයි.