Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති හමුවෙන්න යන හේතුව දොස්තරලා කියයි




සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග අද (31) පැවැත්වෙන සාකච්ඡාව සාම්ප‍්‍රදායික සාකච්ඡාවක් මිස වෙනත් කිසිවක් නොවන බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

තමන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබූ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ් සංගමය මීට පෙර සඳහන් කළේ තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බවයි.

එවන් වටපිටාවක අද පැවැත්වෙන සාකච්ඡාව කුමක්දැයි නෙත් නිවුස් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අලුතින් කමිටුවක් පත් වුණාට පස්සේ සම්ප්‍රදායිකව අමාත්‍යවරයාව හමු වෙනවා. එවැනි හමුවීමක් තමයි මේ තියෙන්නේ."

අද පස්වරු 03.00ට සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ දී මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවටයි පැවසෙන්නේ. එහෙත් මෙම සාම්ප‍්‍රදායික හමුවේ දී එවැනි ප‍්‍රශ්න සාකච්ඡා නොකරන බවයි ඔහු කියා සිටියේ.