Thursday, March 28, 2024

General line - 0115112241

සයිටම් විරෝධී දැවැන්ත පාගමනක් අද ඇරඹෙයි




මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කරමින් විශ්ව විද්‍යාල සිසුන්ගේ දින පහක විරෝධතා පා ගමන අද (31) ආරම්භ වනවා.

ඒ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසළින්.

දින 05ක් අවසානයේ පා ගමනින් කොළඹට පැමිණ අගෝස්තු 04 වැනිදා කොළඹ දී විරෝධතාවය දක්වනවා.

සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය මෙම විරෝධතා පාගමන සංවිධාන කරනවා. ඊට විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගී වන බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවසුවේ. 

සයිටම් විරෝධි සිසු විරෝධය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් පළ කරමින් සඳහන් කළේ "මේ උද්ඝෝෂණ කරන්නේ අධිකරණය බය කරන්න. සයිටම් නඩුව අහන්නේ 02 වැනිදා. ඒකයි මේ කොළඹ එනවයි කියන්නේ.. මම කියන්න කැමතියි මොන ප්‍රශ්නය ආවත් සයිටම් වහන්නේ නැහැ කියලා." යනුවෙනි. 

මේ අතර අනිද්දා පැවැත්වෙන සයිටම් ආයතනයට එරෙහි ජාතික විරෝධතා දිනයට, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ද එක්වන බව ලංකා විදුලි සේවක සංගමය ප‍්‍රකාශ කළා.