Thursday, April 25, 2024

General line - 0115112241

ෆෝඩ් සමාගමේ සුපිරි වාහනවලින් කරන මර්ජුවානා ජාවාරම හසු වූ හැටි 




මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදය දක්වා ගෙන යමින් තිබූ මර්ජුවානා රාත්තල් සිය ගණනක් දේශ සීමා මායිම් පසු කර යාමේදී එක්සත් ජනපදයේ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ජාවාරම කලක පටන් මෙක්සිකෝවේ සිට එක්සත් ජනපදයට ආනයනය කරන නවීන පන්නයේ ෆෝඩ් (Ford) සමාගමේ මෝටර් රථ තුළ සඟවා හුවමාරු කර තිබෙනවා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ රේගු නිලධාරීන් විසින් ෆෝඩ් සමාගම වෙත දැනුම් දී තිබෙන අතර එහිදී කියා ඇත්තේ එෆ්.බී.අයි, රේගුව හා දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ දේශීය පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් ඒ නිසා මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්විය නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි එක්සත් ජනපදයේ රේගු නිලධාරීන් පෙන්වා දී තිබෙන්නේ. 

මීට පෙර ද ෆෝඩ් සමාගමේ ඇසුරුම් කරන ලද වාහන සමග මර්ජුවානා හමු වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ. 

සති දෙකකටත් පෙර ෆෝඩ් සමාගමේ මෝටර් රථ තුළ ඩොලර් මිලියනයක වටිනාකමින් යුත් මර්ජුවානා තොගයක්ද හමු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.