Thursday, April 25, 2024

General line - 0115112241

වවුනියාවේ මාරක රිය අනතුරක් (PHOTOS)




වවුනියාව මුණ්ඩිමුරිප්පුව ප‍්‍රදේශයේදී අද (01) උදෑසන වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ විදේශ ගතව සිට පැමිණි පිරිසක් කටුනායක සිට යාපනය දක්වා රැගෙනගිය වෑන් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබු ලොරි රථයක ගැටී ඇති බවයි.
.
අදාළ ලොරි රථයේ ටයරයක් මාරු කිරීම සඳහා මාර්ගය ආසන්නයේ නවතා තබා ඇති අතර වෑන් රථය නවතා තිබූ ලොරි රථයේ ගැටී තිබෙනවා.

වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇත්තේ.

වෑන් රථයේ පැමිණි පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.