Wednesday, April 24, 2024

General line - 0115112241

රුසියාවේ වෙඩි තැබීමක් - 04ක් මරුට




රුසියාවේ අගනවුර වන මොස්කව්හි අධිකරණ පරිශ්‍රයක් තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. 

වෙඩි තැබීම සිදු වූයේ කුමන ආකාරයෙන් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා පළ වී නැහැ. වෙඩි ප්‍රහාර 20 ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇති බවයි දැනට තොරතුරු වාර්තා වී ඇත්තේ.

කෙසේ  නමුත් අපරාධ කල්ලියක් සම්බන්ධයෙන් පැවැති නඩු  විභාගයක් අතරතුරදී වෙඩි තැබීම සිදු ව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරන්නේ.

සිද්ධියෙන් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.