Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රංශයට ඉඩ දී අමෙරිකාව පස්සට යයි




2024 ඔලිම්පික් තරගාවලිය පැවැත්වීම සඳහා ප‍්‍රංශයේ පැරිස් නගරයට ඉඩ ලබා දෙමින් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය තරගයෙන් ඉවත් වී තිබෙනවා.

අමෙරිකාව පවසා ඇත්තේ තමන් 2028 වසරේ තරගාවලිය වෙනුවෙන් අපේක්ෂකත්වය ඉදිරිපත් කරන බවයි.

අදාළ වසර 02 සඳහා සත්කාරකත්වය දරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉකුත්දා ඡන්දය භාවිත කළා.

එහෙත් ඒ ඒ වසරවල සත්කාරකත්වය දරන්නේ කුමන් රටදැයි ප‍්‍රකාශ වූයේ නැහැ. ඒ, මෙම රටවල් දෙකටම 2024 ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට අවශ්‍යවීම ‍හේතුවෙන්.