Friday, April 19, 2024

General line - 0115112241

ඩිල්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයින්ට ඇඟිල්ල දිගු කරයි - ක්‍රිකට් ආයතනයට සල්ලි ලැබෙන තවත් මාර්ගයක් මෙන්න




ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇතැම් තුන් ඉරියව් ක‍්‍රීඩකයින් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ පිළිබඳ ක‍්‍රිකට් ආයතනය වහා පියවරක් ගත යුතු බව හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඔහු කියා සිටියේ තුන් ඉරියව් ක‍්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට ඇතුළත් වන ක‍්‍රීඩකයින් පිතිකරණය හෝ පන්දු යැවීම පමණක් තෝරා ගැනීම පිළිබඳව පරිපාලනය තීන්දුවක් ගත යුතු බවයි.

ඊයේ (02) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් තිලකරත්න ඩිල්ෂාන් මේ බව කියා සිටියා.

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ "පිට පළාත්වලින් එන ඇතැම් ක්‍රීඩකයින්ට ගිවිසුමක් කියවන්න සමහරවිට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක අපිටත් තිබ්බා ඒ කාළේ... ඉතින් ඒක මගහරවා ගන්නනේ මේ කළමණාකාරයෝ තියා ගන්නේ. ඒකයි මම කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ හෝ අමාත්‍යවරයා එහෙමත් නැතිනම් පාලක මණ්ඩලය යටතේ ආයතනයක් තිබ්බා නම් මේ හැම ක්‍රීඩකයාවම කළමණාකරනය කරන්නේ ඒගොල්ලෝ.. සමහර කළමණාකාරයෝ මිලියන 100 කට වඩා හොයනවා අවුරුද්දකට ක්‍රීඩකයන්ගෙන්. ඒ සල්ලිත් ක්‍රිකට් ආයතනයටනේ ඉතුරු වෙන්නේ මේ දේ කරා නම්. මේ නිසා ක්‍රීඩකයන්ට පහසුවෙන් වෙළඳ දැන්වීම්වලටත් යන්න පුළුවන්." යනුවෙනි.

තිලකරත්න ඩිල්ෂාන් සහභාගි වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.