Thursday, April 18, 2024

General line - 0115112241

ක්‍රිකට් පිළේ අර්බුධය පිටුපස ෆේස්බුක් අප්ඩේට් දැමිල්ලක් - සුපිරි ක්‍රීඩකයෙක්ගෙන් හෙළිදරව්වක්




ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන වත්මන් යොවුන් ක‍්‍රීඩකයින් රැසකගේ පසුබෑමට ප‍්‍රධාන හේතුව ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිතය බව හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (02) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ "අද මේ ක්‍රීඩකයන්ට තියෙන විශාල ගැටලුවක් තමයි...මොබයිල් ෆෝන්..ෆේස්බුක්..ට්විටර් වගේ සමාජ ජාල. පුහුණුවීම් ඉවර වුණු කමන් ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කරනවා..මම දැකලා තියෙනවා. ඉස්සර අපි තරග සංචාරයක් ගියාම කාලා..බීලා..එකටමයි ඉන්නේ..කතා කරන්නේ තරගය ගැන..දැන් එක එක්කෙනා ෆෝන් එක අරන් වෙන වෙනම වැඩවල. රටක් වෙනුවෙන් ක්‍රීඩා කරනකොට තමන්ට ලොකු වගකීමක් තියෙනවා...ඒක අමතක කරන්න බැහැ.. මගේ පුතා උපදිනකොට මම මාස දෙකක් හිටියේ තරග සංචාරයක.. මට මැදදි ඇවිල්ලා යන්න තිබ්බා.. මම හිතුවේ ඒක නෙමෙයි මගේ රට මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. හොඳට ක්‍රීඩා කළොත් අනිත් අය තමන් ගැන ෆෙස්බුක් අප්ඩේට් කරයි" යනුවෙනි.

වත්මන් යොවුන් ක‍්‍රීඩකයින් දක්ෂතා අතින් පිරිපුන් බවත් ඔවුන් කැපවීමෙන් ක‍්‍රීඩා කළහොත් දිගු ගමනක් යාමට හැකි බවත් තිලකරතන් ඩිල්ෂාන් මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.