Thursday, April 25, 2024

General line - 0115112241

 උසේන් බෝලේට්ගේ සමු ගැනීම අතරේ ලංකාවත් එකම තරග බිමේ 




16 වන ලෝක  ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද  (04) ලන්ඩන් නුවරදී ආරම්භ  වනවා. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට ක්‍රීඩිකාවන් දෙදෙනකු සහ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගි වනවා. 

එංගලන්තයේ වෙසෙන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පිරිමි මැරතන් ධාවන ඉසව්වට එක් වනවා.

ආසියානු රන් පදක්කම්ලාභී නිමාලි ලියනාරච්චි මීටර් 800  ධාවන ඉසව්වටත් , වරුණ ලක්ෂාන් හෙල්ල විසිකිරීම ඉසව්වට සහභාගි වීමට නියමිතයි. 

නිමාලි සහ වරුණ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා. 

අමෙරිකාවේ වෙසෙන හිරුණි විජේරත්න මැරතන් ඉසව්වට සහභාගි වන අතර ඇයද ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකට එක් වන්නේ පළමු වරටයි.

මේ අතර ජමෙයිකානු  සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝලේට් මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියන් පසු ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට නියමිතයි. 

පිරිමි මීටර් 100, මීටර් 200 ධාවන ඉසව්වල ලෝක වාර්තා වලට හිමිකම් කියන්නේද ඔහුයි.