Saturday, April 20, 2024

General line - 0115112241

"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි 




විදේශ අමාත්‍ය රවී කරුණානායකට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලංකාදීප පුවත්පත අද (05) වාර්තාකර ඇත්තේ පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී පැවති භෝජන සංග්‍රහයක දී මෙම දැනුම්දීම කර ඇති බවයි.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබියදී අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍ය තනතුරේ රැඳී සිටීම රජයට මෙන්ම අමාත්‍යවරයාට ද ගැටළුවක් වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ඊට හොඳම විසඳුම ඉවත් වීම බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී සඳහන් කර ඇති බව ලංකාදීප වාර්තා කර තිබෙනවා.