Friday, April 19, 2024

General line - 0115112241

දෙසැම්බරයට පෙර නිමකරන රාජගිරියේ ගුවන් පාළම (VIDEO)




දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින් රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරෙන ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින අතර එය මේ වසර අවසානයේ ජනතා අයිතියට පවරාදීමට නියමිතව තිබෙනවා.

මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ 2018 වසරේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු කඩිනමින් නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා.

ස්පාඤ්ඥ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ 2016 වසරේ මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4700ක්. 

දෙපසට මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 542ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය.