Tuesday, April 23, 2024

General line - 0115112241

ආසියානු යොවුන් රග්බි කිරුළ යළිත් ශ්‍රී ලංකාව අතින් ගිලිහෙයි 




ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු යොවුන් රග්බි ශූරතාව දිනා ගැනීමට සත්කාරක හොංකොං යොවුන් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. 

ඒ අනුව මෙවරත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා. 

හොංකොං කණ්ඩායම තරග ජය ගත්තේ 36 - 00 ක් ලෙසයි. 

ශ්‍රී ලංකා යොවුන් රග්බි  කණ්ඩායම  දකුණු කොරියාව ලකුණු 33 - 05 ක් ලෙස පරාජය කරමින් අවසන්  තරගයට පිවිසියා.

චීන තායිපේ කණ්ඩායම අර්ධ අවසන් තරගයේදී පරාජය කිරීමට ද ශ්‍රී ලංකාව  සමත් වුණා. ශ්‍රී ලංකාව එම  තරගය ජය ගත්තේ ලකුණු 28 - 14 ක් ලෙසයි. 

මූලික වටයේදී ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණ පහතින්. 


පිලිපීනය 24 - 00
චීනය 43 - 07
මැලේසියාව 26 - 05