Friday, April 19, 2024

General line - 0115112241

රක්ඛා නගරයේ අයි එස් අයි එස් 2000ක්!




සිරියාවේ රක්ඛා නගරය තුළ අයි එස් සටන්කාමීන් දෙදහසක් පමණ රැඳී සිටින බව අමෙරිකාව පවසනවා. කෙසේ වෙතත් සිය සහය ලබන හමුදා භට පිරිස් මේ වනවිට එම නගරයේ සියයට 45ක පමණ කොටසක් අයි එස් සටන්කාමීන්ගෙන් බේරාගෙන තිබෙන බවයි අමෙරිකාව වැඩිදුරටත් කියා සිටියේ.

ඉකුත් 2014 වසරේ දී අයි එස් සටන්කාමීන් රක්ඛා නගරය අත්පත් කර ගත්තා. ඔවුන් එය හඳුන්වනු ලැබූයේ තමන් ගොඩනගන ඉස්ලාමීය රාජ්‍යයේ අගනගරය ලෙසයි. සාමාන්‍ය වැසියන් විසි දහසත්, පනස් දහසත් අතර ප‍්‍රමාණයක් ද තවදුරටත් රක්ඛා නගරයේ වාසය කරන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.