Friday, April 26, 2024

General line - 0115112241

නීතිපති කාර්යාලය හමුදාව වට කරල ලු




වෙනිසියුලාවේ නීතිපති කාර්යාලය අවට හමුදා භට පිරිස් රඳවා තිබෙනවා.

නීතිපති ලූවීසා ඔර්ටේගා මෙය හඳුන්වා දී ඇත්තේ සිය කාර්යාලය, හමුදාව විසින් වට කිරීමක් ලෙසයි.

ලූවීසා ඔර්ටේගා නීතිපති ධුරයෙන් ඉවත් කිරීමට ඉකුත්දා පත් වූ වෙනිසියුලාවේ නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තීරණය කළා.

නීතිපති කාර්යාලය අවට හමුදා භට පිරිස් රැඳවීම සිදු කර ඇත්තේ ඉන් අනතුරුව බවයි විදෙස් වාර්තා පවසන්නේ.

නීතිපති ලූවීසා ඔර්ටේගා ඉකුත් දිනවල දී වෙනසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝගේ ක‍්‍රියාකාරකම් දැඩිව විවේචනය කළා.

එසේම නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පත්වීම ද ඇය විසින් අභියෝගයට ලක්කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.