Saturday, April 20, 2024

General line - 0115112241

යාපනයේ දිවා රෑ දෙකේම මෙහෙයුම් - හමුදාවේ සහයක් නැහැ (PHOTOS)




ආරක්ෂක නිලධාරීන් විසින් යාපනය පුරා මේ දිනවල දිවා රාත්‍රි දෙකෙහිම සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

නමුත් යාපනයේ දෙමළ දේශපාලනඥයින් ඊට විරෝධය පළ කරන බවයි වාර්තා වෙන්නේ.

යුද හමුදාව මෙම සෝදිසි මෙහෙයුම් සඳහා යොදා ගැනීම ගැටලුවක් වී ඇති බැවින් මෙම සෝදිසි මෙහෙයුම් සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පමණක් යොදා ගැනෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පොලිස් නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් 100 ක පමණ පිරිසක් මෙහෙයුම වෙනුවෙන් සහභාගි වී සිටිනවා.

යාපනය වඩමරාච්චිය තුන්නාලයි  ප්‍රදේශයේදී පොලිසිය සහ විශේෂ කාර්ය  බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 9 වැනිදා නීතිවිරෝධි වැලි ජාවාරමක නිරතවූ පුද්ගලයන් වෙත පොලිසිය කළ වෙඩි තැබීමකින් තුන්නාලයි ප්‍රදේශයේ පදිංචි යෝගරාස් දිනේෂ් නැමැති තරුණයෙකු ජීවිතක්ෂ යට පත්වුණා.

ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට එරෙහිව සිඳුකළ විරෝධතාවකදී විරෝධතාකරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළ විනාශ කර තිබුණා.

තවද මාර්ගයේ ටයර් දමා ගිනි තබා ගමනා ගමන කටයුතුවලට බාධා කළ අතර, ආරක්ෂ කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ටද පහරදී තිබුණා.

එම ප්‍රචණ්ඩ ක්‍රියාවන් ගැන කළ විමර්ශනවලට අනුව ඊයේ (05) පෙරවරුවේ සිදු කෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද නිසි බලපත්‍රයකින් තොරව නිවස්වල ගාල්කර තිබූ වැලි ප්‍රවාහනය කරන වාහන හයක් සහ යතුරු පැදි දහයක්ද පොලිස් භාරයට ගැණුනා.

මේ තත්ත්වය නිසා යාපනයේ සේවය කරණ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද කටයුතු කර ඇති අතර අදාළ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍යම සාධාරණ හේතුන් මත පමණක් නිවාඩු අනුමත කරන ලෙසයි.