Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රීඩා අමාත්‍ය තනතුර ලැබේ යයි සිතූ හරීන්ට වෙච්ච දේ (VIDEO)




තමන්ට ක්‍රීඩා අමාත්‍ය තනතුර ලැබේ යයි සිතා සිටි බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ශ්‍රී ලංකා පාසැල් නෙට්බෝල් ජාතික ශුරතාවයේ සමාප්ති උත්සවයට සහභාගී වෙමින් ඔහු ඊයේ (05) මේ  බව සඳහන් කළා.

මෙම තරගාවලිය පැවැත්වුණේ බදුල්ල  වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී.

2017 අගෝස්තු මස 03වන දින ආරම්භවූ මෙම තරගාවලිය නිමා වූයේ ඊයේ (05) දිනයේයි.

එහි සමාප්ති උළෙල සහ ජය සංකේත පිරිනැමීම විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ  අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විශ්ව විද්‍යාල සිසුන් මහමග සිටින්නේද ක්‍රීඩා නොකිරීමේ ප්‍රථිපල නිසා බවයි.


අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.