Friday, March 29, 2024

General line - 0115112241

චීන නාවික හමුදාවේ රෝහල්  නෞකාව කොළඹ වරායට (PHOTOS)




චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ආර්ක් පීස් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (06) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, එහිදී, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගනු ලැබුවා. 

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීමේ අරමුණින් යුතුව මෙම නෞකාව නිර්මාණය කර ඇති අතර, නවීන පහසුකම් වලින් යුත් ශල්‍යගාර, දැඩි සත්කාර ඒකක, විශේෂඥ වෛද්‍ය සේවාවන්, නේවාසික ප්‍රථිකාර ඒකක, CT පරිලෝකන යන්ත්‍ර ඇතුළු සියළුම වෛද්‍ය පහසුකම් මෙම නෞකාව සතුයි.

 එමෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් ද නෞකාව සතුව පවතිනවා.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව දිවයිනේ රැදී සිටින අතර අගොස්තු මස 09 වන දින නැවත ‍කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතයි.