Thursday, April 25, 2024

General line - 0115112241

ලුසියා ඔටේර්ගාටර්ගෙන් චෝදනා




තමා විසින් සිදුකරනු ලබන විමර්ශන නතර කිරීමේ අරමුණින් වෙනිසියුලානු ව්‍යවස්ථා සභාව තමා නීතිපති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව වෙනිසියුලානු නීතිපති ලුසියා ඔටේර්ගා චෝදනා කරනවා.

ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරමින් ඇය කියා තිබෙන්නේ වත්මන් පාලනය සිදුකරනු ලබන දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ  මෙහි අරමුණ බවයි.

නීතිපති ධූරයෙන් තමා ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ඇය පෙන්වා දෙයි.

ආණ්ඩුවට පක්ෂ පාර්ශවයන් විසින් ඊයේ (05) දිනයේ පැවත්වූ රැස්වීමකදී ඒකමතික ඡන්දයෙන් ලුසියා ඔටේර්ගා නීතිපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබීය.

කෙසේවෙතත් ලතින් අමෙරිකානු රටවල් කිහිපයක්ම වෙනිසියුලානු රජයේ මෙම තීරණය හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.