Tuesday, April 23, 2024

General line - 0115112241

ලොව වේගවත්ම කාන්තාව බිහි වූ හැටි (VIDEO)




ලොව වේගවත්ම කාන්තාව ලෙස ටෝරී බෝවී පත්වී තිබෙනවා.

ඒ 2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් සියය කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

අමෙරිකාව නියෝජනය කරමින් තරග වැදුණු ඇය ඉසව්ව නිම කළේ තත්පර 10.85 කින්.

ඒ අනුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත්ම කාන්තාව බවට ටෝරී බෝවී පත්වුණා.

පසුගිය රියෝ ඔලිම්පික් උළලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාවේ එලේන් තොම්සන් සමත්වුණා.

ඇය ඉසව්ව නිම කළේ තත්පර 10.71 කින්. ඇමරිකාවේ ටෝරි බෝවි එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම හිමිවූයේ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆේ‍ෂර් ප්‍රයිස්ටයි.