Friday, April 19, 2024

General line - 0115112241

රත්‍රං පරිගණකයක් දැන් වෙළඳපොලේ - ඔබට හිමි විශේෂතා මෙන්න 




ස්විස්ටර්ලන්ත සමාගමක් කැරට් 18 කින් යුත් රත්‍රං පරිගණකයක් ඩුබායි වෙළඳ පොලට නිකුත් කර තිබෙනවා.

ප්‍රයිම්  ඉන්කෝපරේෂන් සමාගම මෙලෙස සීමිත පරිගණක සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අතර එක් පරිගණකයක වටිනාකම අමෙරිකානු ඩොලර්  මිලියනයක් පමණ වනවා.

එයට වින්ඩෝස් 10 හෝ ලිනකස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කර ගත හැකි අතර Core i3 processor, 4GB of DDR4 RAM, 120GB SSD යන තත්ත්වයන්ගෙන් එය සමන්විතයි.

මෙම පරිගණකයේ පිටත ආවරණය නිර්මාණය කර ඇත්තේ කැරට් 18 රත්‍රං කිලෝ 7 ක් පමණ අඩංගු කරමිනුයි. 

පරිභෝගකයින්ට මේ සඳහා වසර පහක වගකීම් කාලයක් හිමි වනවා.