Tuesday, March 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදී සිදු වූ දේ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, එහි පුහුණුකරුවන්, ජාතික තේරීම් කමිටු සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහභාගි වූ විශේෂ සැසියක් කොළඹදී ඊයේ (07) පැවැත්වුණා. 

ඉන්දියාව සමග ලබන 12 වනදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර කණ්ඩායම ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් මෙම සැසිය පැවැත්වුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. 

ක්‍රීඩකයන්, නිලධාරීන් සහ සම්පත් දායකයින් මෙහිදී විවෘත සංවාදයක යෙදී තිබෙනවා. 

තාක්ෂණික, වෛද්‍ය විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ උපාය මාර්ගික කරුණු එහිදී සාකච්ඡාවට ගැණුනු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියාසිටියේ. 

මේ අතර ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදීන් අතර සුහද ක්‍රිකට් තරගයක් අද පැවැත්වෙනවා. 

මෙම තරගය කොළඹ සී සී සී ක්‍රිඩාංගණයේදී  පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි. 

නෙත් ස්පෝර්ට්ස්මන් නියෝජනය කරමින් කසුන් කැලුම් කුමාරද මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා. 

මේ දිනවල පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට සමගාමීවයි මෙම තරගය සංවිධාන කර තිබෙන්නේ.