Tuesday, March 19, 2024

General line - 0115112241

වසර තිස් දෙකක 'කරාතේ' වැඩපිළිවෙල 




ජපානයේ OKINAWAN GOJU - RYU කරාතේ සම්මේලනය විසින් ජාතික තරුණ සේවා සභා ක්‍රීඩා සමාජය හා එක්ව මෙරට තරුණ තරුණියන් සඳහා කරාතේ සටන් ක්‍රමය පිළිබඳව ලබා දෙන පුහුණු වැඩසටහන් ආරම්භ කර  වසර 32 ක් සපිරෙනවා. 

ඒ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභා ක්‍රීඩා සමාජය විසින් ජපානයේ OKINAWAN GOJU - RYU කරාතේ සම්මේලනයේ අන්තර් ජාතික කරාතේ සටන් ක්‍රම පිළිබඳ පුහුණු උපදේශකවරයකු යටතේ තරුණ සේවා සභා ක්‍රීඩා සමාජයේ කරාතේ සටන් ක්‍රම පුහුණුව ලබන සිසු සිසුවියන් සඳහා නේවාසික පුහුණු වැඩසටහනක් ඊයේ  (07) උදෑසන ආරම්භ කෙරුණා. 

ඒ ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී. 

මෙහි ප්‍රධාන ආරාධිතයින් වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය  පාලිත තෙවරප්පෙරුම සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.