Wednesday, April 24, 2024

General line - 0115112241

එවරස්ට් නැග්ග පොලිස් ජෝඩුවට රැකියාවත් අහිමි වෙයි! අවුරුදු 10කට කඳු නැගීමත් තහනම්




එවරස්ට් කන්ද තරණය කළ පළමු ඉන්දියානු ජෝඩුව තමන් යයි කියා ගත් පොලිස් නිලධාරීන් යුවළකට එම වාර්තාව පිළිබඳ කීර්තිය පමණක් නොව ඔවුන්ගේ රැකියා ද අහිමිව ඇතැයි බීබීසීය පවසනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත පොලිසිය ඔවුන් දෙදෙනා රැකියා වලින් නෙරපා හැර තිබෙන්නේ එවරස්ට් තරණය කළේ යයි පවසමින් පොලිස් යුවළ බොරුවක් කර ඇති බව පවසමින්ය.

ඉන්දියානු පොලිසියේ කොස්තාපල් වරුන් වන දිනේෂ් සහ තරකේශ්වරී රතෝඩ් නම් අඹු සැමියන් පසුගිය වසරේ ප්‍රකාශයක් කරමින් තමන් දෙදෙනා සාර්ථකව එවරස්ට් මුදුනට ලඟා වූ බව කියා තිබුණා. එහෙත් ඔවුන් එවරස්ට් මුදුනේ සිටින ආකාරය දැක්වෙන පින්තූර ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිමවන ලද ඒවා වන බව පරීක්ෂණයක දී හෙළිදරව් වී ඇත්තේ.

එවැනි විභාගයක් ආරම්භ කෙරුණේ සෙසු කඳු නගින්නන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි කිරීම්වලින් පසුවයි.

නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුව පොලිස් යුවළට නිකුත්කර තිබූ එවරස්ට් වීර සහතිකයද අවලංගු කරමින් ඔවුන් දෙදෙනාට දස වසරක කඳු තහනමක් ද පනවා තිබෙනවා.


 

ව්‍යාජ ලෙස සකස් කරනලද ඡායාරූපය පහතින්...