Thursday, April 25, 2024

General line - 0115112241

මුහුණට මුහුණ ගැටී වෑන් රථය කුඩු (PHOTOS)




වවුනියාව, මුණ්ඩිමුරුප්පුව ප‍්‍රදේශයේ අද (08) දහවල් බරලතල රිය අනතුරක් සිදු වුණා.

මෙම රිය අනතුරෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වවුනියාව පොලිසිය පැවසුවේ.

මැදවච්චිය දෙස සිට වවුනියාව දෙසට පැමිණි වෑන් රථයක් හා වවුනියාව දෙස සිට මැදවච්චිය දෙසට ගමන් කළ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණා.

අනතුරින් වෑන් රථ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.