Saturday, April 20, 2024

General line - 0115112241

රවීගේ විශ්වාසභංගය ගැන අද ගත් තීරණය මෙන්න - ආණ්ඩුව එකඟ බව අගමැති කියයි




අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගනුු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

අද (08) පැවති පක්ෂ නායක රැස්වීමේ දී ඇති කර ගත් එකගතාව ද එය වන බවයි කථානායකවරයා කියා සිටියේ.

අදාල විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මෙම කරුණු දැක්වූවා.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ද මෙහි දී නැගී සිටියා. ඒ, කථානායකවරයාට තවත් ප‍්‍රශ්න කිහිපයක් නගමින්.

ආණ්ඩුව වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සංවාදයට එක් වුණා. ඔහු පැවසුවේ කථානායකවරයාගේ තීරණයට ආණ්ඩුව එකඟ වන බවයි.

(මෙම සංවාදයේ කොටසක් පහතින් දැක්වෙයි)