Friday, April 19, 2024

General line - 0115112241

"ලිංගික කටයුතු" වලට අන්තර්ජාලයෙන් මැදපෙරදිගට විකුණන්න හැදූ බ්‍රිතාන්‍ය නිරූපිකාව




ඉතාලියේදී කල්ලියක ග්‍රහණයට ලක්ව සිටියේ යැයි පැවසුණු බ්‍රිතාන්‍ය නිරූපිකාවක් වන, දකුණු ලන්ඩනයේ පදිංචිව 20 හැවිරිදි ක්ලෝයි එයිලින්ග් "ලිංගික කටයුතු" සඳහා මැදපෙරදිගට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව ඇයගේ නීතීඥයින් පවසනවා.


බීබීසී ය පවසන්නේ Black Death (කළු මරණය) යැයි තමන්ව හඳුන්වාගනු ලබන කල්ලියක් විසින් ඇයව පැහැරගන්නා ලදුව දින පහකට පසුව මුදා හැරීය බවය. දින 26කට පසු ක්ලෝයි එයිලින්ග් ඉරිදා (06 ) යළි එක්සත් රාජධානිය වෙත පැමිණියා.

පුද්ගලයින් දෙදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වූ ක්ලෝයි කෙටමින් නම්වූ ද්‍රව්‍ය දීමෙන් මත්කොට පැහැරගෙන යන ලද බවත්, පසුව අන්තර්ජාලය ඔස්සේ ඇයව අලෙවියට සුදානම්ව සිටි බවත් ඉතාලි පොලිසිය පවසනවා. පවුම් 230,000 ට (රුපියල් මිලියන 46ක් පමණ) අන්තර්ජාලය හරහා ඇයව අලෙවි කිරීමට සැරසුණු කල්ලිය ඇගේ නියෝජිතයාගෙන් කප්පමක් ද ඉල්ලා තිබෙනවා.

මේ සිදුවීමට අදාළව ඉතාලි, පෝලන්ත සහ එක්සත් රාජධානි බලධාරීහු පරීක්ෂණ මෙහෙයවනවා. ඉතාලි පොලිසිය පවසන පරිදි මෝටර් රථයකින් වයඹ දිග ටියුරින් හි පිහිටි ප්‍රදේශයක නිවසක් වෙත ගනගොස් ඇති ඇයව දින හයක් පුරා එම නිවසේ කාමරයක අතට මාංචු ලා රඳවා සිට තිබෙනවා.

කෙසේවෙතත්, පසුව මිලාන් හි පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වෙත ගෙන එමෙන් පසුව ඇය නිදහස් කෙරුණා.
මෙම පැහැරගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් නැගෙනහිර මිඩ්ලන්ඩ්ස් හි ඔල්ඩ්බරි ප්‍රදේශයේ විසු ලූකස් හෙර්බා නම් පෝලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.