Saturday, April 20, 2024

General line - 0115112241

ජනාධිපති ආරක්ෂක අංශයේ "බඩුත් හොරාගෙන යද්දී" බම්බලපිටියේදී ලොරියට වෙච්ච දේ




කොළඹ කොල්ලුපිටිය මුම්තාස් මහල් ගොඩනැගිල්ලේ වංචාවක් සිදු වූ බවට කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

රත්නායක මුදියන්සේලාගේ පාලිත රත්නායක නැමැති නාවික හමුදාවේ සුළු නිලධාරීවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක කාර්යාලයේ නවීකරණයට රැගෙන ආ ගොඩනැගිලි ද්‍රව්‍ය මෙහි ගබඩා කර තිබියදී සොරකම් කර ඇති බවයි.

ඊයේ (07) රාත්‍රී 11.00 ට පමණ ගබඩාව භාර නිලධාරියෙකුගේ ඥාතියෙකු එම ද්‍රව්‍ය ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී බම්බලපිටිය පොලිසියට හසුව තිබෙනවා.

එම භාණ්ඩවල වටිනාකම රුපියල් 196,660 ක් වනවා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස අදාළ ගබඩාව භාර නිලධාරීන් ලෙස කටයුතු කළ සිව්දෙනෙකු සැකකරුවන් වන බවටයි පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.