Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාව පරදා විස්සයි විස්ස ජය ගත් අපේ කණ්ඩායම




ඉන්දීය මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම සමග අද (08) පැවති පන්දුවාර විස්සයි විස්ස සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම සමත් වුණා.

කණ්ඩායමකට ක‍්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් ඇතුළත් වූ මෙම තරගය පැවැත්වුණේ කොළඹ සී සී සී ක‍්‍රීඩාංගණයේදීයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු 12ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා.

ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 04ක දී කඩුලු 11 ක් දැවී ලකුණු 176යි.

නෙත් ස්පෝට්ස්මන් නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා මාධ්‍යවෙදීන්ගේ කණ්ඩායමට තරග වැදුණු කසුන් කැළුම් කුමාර තරගයේ වඩාත් කැපී පෙනෙන ඉණිම ක‍්‍රීඩා කළා.

ඒ, හයේ පහරක් සහ 04 පහර 04ක් ද සමග නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින්.

සුමින්ද ජයසේකර නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තා.