Saturday, April 20, 2024

General line - 0115112241

මහින්ද සහ සම්බන්ධන් හමු වේ - කතාබහකුත් ඇති වේ (PHOTOS)




හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා උත්සවයක දී එකිනෙකා මුණ ගැසී තිබෙනවා.

ඒ, ශාස්ත්‍රපති ජුලමිපිටියේ මංගල හිමියන් විසින් රචිත දෙමළ භාෂාව (ක්‍රියාපද විවරණය) කෘතිය ඵළිදැක්විමේ උත්සවයේදීයි.

මෙම අවස්ථාව සඳහා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ද සහභාගී වුණා.

මෙම අවස්ථාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක, ටී එන් ඒ නායක ආර්. සම්බන්ධන් මහතා අතර කිසියම් කතාබහක් සිදු වූ ආකාරය ඡායාරූපවලින් දැක්වෙනවා.

(එම ඡායාරූප පහතින් දැක්වෙයි)