Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට අගමැතිත් එයි ලු




අමාත්‍යවරුන්ට පවා විවෘතව චෝදනා කළ හැකි වටපිටාවක් යහපාලනය යටතේ නිර්මාණය වී ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වුව ද  ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයාට අල්ලස් කොමිසමට සාක්ෂියක් දෙන්න කිව්වාම එදා ඇමතිවරු ඒකට විරෝධය දක්වලා පාර්ලිමේන්තුවේ බුදියගත්තා. දැන් ඒ ක්‍රමවේදය වෙනස් කරලයි තියෙන්නේ. " යනුවෙනි.

යහපාලනය විසින් හඳුන්වා දුන් මෙම නව සම්ප‍්‍රදාය වංචා හා දූෂණ වලක්වාලීමට පුර්වාදර්ශයක් වනු ඇතැයි ද මෙහි දී විශ්වාසය පළ කෙරුණා.