Friday, April 19, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලයේදී "ඇමති රවී" අද මාතෘකාවක් වෙයි




කැබිනට් මණ්ඩලය අද (09) රැස්වීමට නියමිතයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.

අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරෙණු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.

මේ වනවිට ගැසට් කර තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සඳහා වූ කෙටුම්පත සහ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත ද කැබිනට් මණ්ඩලය අවධානයට ගැනීමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තුව ද අද නැවත රැස්වනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ ප‍්‍රතිසංධාන හා උතුර හා නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ද අද රැස්වීමට නියමිතයි.