Friday, April 26, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය ළං වෙයි - පීඩනය වැඩි වෙයි - දරුවන් ලෙඩ වෙයි




පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට දින ළඟාවෙත්ම ඊට පෙනී සිටීමට නියමිත දරු දැරියන් කායික සහ මානසික රෝගවලට ගොදුරු වීම සුලබ වී ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පෙන්වා දෙන්නේ විභාගය පාදක කර ගනිමින් දරු දැරියන් මත අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම මීට හේතු වී ඇති බවයි.

පාසලේ හෝ පෞද්ගලික පන්තිවල ගුරුවරුන් මගින් නැතිනම් දෙමාපියන් හෝ ඇතැම්විට අනෙකුත් දරු දැරියන් මගින් මෙම පීඩනයන් ඇති කෙරෙන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

අනවශ්‍ය පීඩනයක් ඇති වූ විට ගැස්ට‍්‍රයිටීස් සහ හිසේ රුදාව බොහෝ විට ඇති විය හැකි බව ද මෙහි දී සිහිපත් කෙරුණා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දරු දැරියන් මෙම රෝග තත්ත්වයන්ට ලක්ව මේ දිනවල ප‍්‍රතිකාර සඳහා වැඩි වශයෙන් පැමිණෙන බවයි වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම තවදුරටත් කියා සිටියේ.

මෙම කරුණු සැලකිල්ලට ගෙන දරු දැරියන් මත අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමෙන් වලකින්නැයි මව්පියන්ගෙන් හා දරුවන්ගෙන් මෙහි දී ඉල්ලීමක් ද කෙරුණා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වැනිදා පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.