Wednesday, April 24, 2024

General line - 0115112241

නායකයා සෑමවිටම අවස්ථානුකූල විය යුතුයි



තනි නායකයෙකුට ලෝකයම වුව ද වෙනස් කළ හැකි බව ජ්‍යෙෂ්ඨ  කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (08) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් "අන්ලිමිටඩ් කනපිට" සංවාදයේදීයි.

නිවරැදි නායකයෙක් ආදර්ශමත් විය යුතු බව ද මෙම සංවාදයේ දී අවධාරණය කෙරුණා. වරදක් සිදු වූ විට හෝ චෝදනාවකට ලක්වූ විට විමර්ශනවලට ඉඩ දී තාවකාලිකව සිය ධුරය අත්හැරීම ද අවස්ථානුකූලව නායකයෙකුට කළ හැකි ආදර්ශමත් ක‍්‍රියාවක් බවයි මෙහි දී විස්තර කෙරුණේ.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට සංවාදයේ දී ලබන අගහරුවාදා සාකච්ඡා කෙරෙන්නේ වත්මන් අධ්‍යාපන ක‍්‍රමය රටේ අනාගත අභිවෘද්ධියට ඉවහල්වේද යන්න පිළිබඳවයි.

ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් සඳහා ද වේදිකාව විවෘතව තිබෙනවා. එම අදහස් 077 902 18 24 අංකයට වයිබර් කිරීමේ හැකියාවද පවතිනවා.

(අන්ලිමිටඩ් සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)