Saturday, April 20, 2024

General line - 0115112241

මුස්ලිම් අපේක්ෂිකාවන් ඊයේ ඇරඹුනු උසස් පෙළ ලියන්නේ මෙහෙමයි - අලුත් නීති මෙන්න




විභාගවලදී මුහුණ සහමුළින්ම ආවරණය කෙරෙන වේල් පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දන්වා සිටිනවා.

ඇතැම් විභාග අපේක්ෂිකාවන් මුහුණු ආවරණ සහිතව විභාගවලට පෙනී සිටීමේ දී කුඩා මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ වේල් තුළ සවිකොට සඟවා තබා ගනිමින් පිළිතුරු ලියා ඇති බවට පැමිණිලි ලැබී තිබුණ බවයි අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ.

ඊට අමතරව මුහුණු ආවරණය පාවිච්චි කරමින් සැබෑ අපේක්ෂිකාව නොව වෙනත් තැනැත්තියන් විභාග සඳහා පෙනී සිට ඇති බවත් අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන් සඳහන් කරනවා.

එම කරුණු සැලකිල්ලට ගනිමින් පනවන ලද තහනම ඊයේ (08) ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා බල පැවැත්වෙනවා.

මෙම තහනම අනුව මුස්ලිම් ජාතික විභාග අපේක්‍ෂිකාවන්ට විභාග ශාලාවට ඇතුල් වීමට පෙර අනන්‍යතාව පරීක්ෂා කිරීම සඳහා මුහුණු ආවරණය ඉවත් කරන්නට සිදු වනවා. එමෙන්ම විභාගයට ලියන කාල සීමාව ඇතුළත මුහුණු ආවරණය ඉවත් කෙරෙනු ඇති.