Saturday, April 20, 2024

General line - 0115112241

යාපනය මහාධිකරණ විනිසුරු අලුත් ගමනකට එක්වෙයි (PHOTOS)




යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් සහ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්, යාපනය ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු කිහිප දෙනෙකු අතර ඊයේ (08) හමුවක් සිදු වුණා.

යාපනය මහාධිකරණ විනිසුරුගේ නිල නිවසේදී මෙම හමුව සිදු ව තිබෙනවා.

පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක සරත් ප්‍රේමචන්ද්‍රගේ පවුලේ සාමාජිකයන්ට උපකාර කරමින් ගෙන යන වැඩපිළිවෙලට සහය පළ කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අතර, උන්වහන්සේගේ ගිහි නම මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකරයි.

මෙම හමුවේදී මහාධිකරණ විනිසුරුවරයා බුද්ධංගල ආනන්ද හිමියන් වැද ආශීර්වාද ලබා ගත්තා.