Tuesday, March 19, 2024

General line - 0115112241

මාතර සුපර් ලීග් ඇරඹෙයි - සෑම පිළකටම ජාතික මට්ටමේ ක‍්‍රීඩකයින් දෙදෙනෙක්




මාතර සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අද (09) ආරම්භ වනවා.

මාතර දිස්ත‍්‍රික්කයේ කණ්ඩායම් 11ක් සහ හම්බන්තොට දිස්ත‍්‍රික් කණ්ඩායම ඊට සහභාගි වීමට නියමිතයි.

සෑම කණ්ඩායමකටම ජාතික මට්ටමේ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු එක් කර ගැනීමට ද අවසර ලබා දී තිබෙනවා.

මෙම තරගාවලිය සංවිධාන කරන්නේ මාතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයයි. සියලු තරග මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.