Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියාව අමෙරිකාවට පහරදීමට සුදානම් - කිම් ජොන්ග් උන් සියල්ල අධීක්ෂණයේ 




අමෙරිකා එක්සත් ජනපදයේ හමුදා ස්ථාපිත කර සිටින ගුවාම් දූපතට  මිසයිල ප්‍රහාරයක්  දියත් කිරීමට උතුරු කොරියාව සුදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම දුපත පිහිටා ඇත්තේ බටහිර පැසිෆික් කලාපයේයි.

උතුරු කොරියාවේ නිල පුවත් ඒජන්සිය පවසා ඇත්තේ අමෙරිකානු ප්‍රහාරක  යානා ස්ථාපිත කර ඇති ගුවාම් වෙත මැදි දුර හා දිගු දුර රොකට් ප්‍රහාර  එල්ල කිරීමට එරට සූදානම් වන බවයි.


උතුරු කොරියානු හමුදා ඔවුන්ගේ මැදි දුර හා දිගු දුර බැලස්ටික් මිසයිල යොදා ගනිමින් ජනපති කිම් ජොන්ග්-උන්ගේ අණ පරිදි ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.