Wednesday, April 24, 2024

General line - 0115112241

"රවීට එරෙහි විශ්වාසභංගයේදී තවත් ප්‍රබලයින් දෙන්නෙක් ගැන හෙළිකරනවා"




ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව හරහා මෙම සිද්ධියට අදාළ බවට හඳුනාගෙන ඇති තවත් ආණ්ඩුවේ ප්‍රබල පෙළේ නායකයින් දෙදෙනෙක් පිළිබඳවත් කරුණු හෙළි කිරීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් තමන් සතු බවයි ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා වැඩි දුරටත් සඳහන් කළේ අදාළ ප්‍රබල නායකයින් දෙදෙනා සම්බන්ධයෙන් විවාදාත්මක කරුණු රැසක් මේ වන විට හෙළි කරගැනීමට හැකියාව ලැබී අති බවයි.