Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ තැන් දෙකක විරෝධතා




ගොවීන් සහ රණවිරුවන් මේ වනවිට කොළඹ ස්ථාන දෙකක දී විරෝධතාවල නිරතව සිටිනවා.

ගොවි ජනතාව සහභාගි වන විරෝධතාව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු වටරවුම අසලදීයි. ඒ හේතුවෙන් එම මාර්ග අසළ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්  කරුණාරත්න සඳහන් කළේ "ගිය මහ කන්නයට අදාළව රුපියල් 40000 ක වන්දි මුදලක් ලබා දෙන්න ආණ්ඩුව පොරොන්දු වුණා. රුපියල් 10000 බැගින් මාස 04කදි ලබාදෙන බව කියූ මෙම වන්දිය අප්‍රේල් මාසයට විතරක් ගොවීන් කොටසකට රුපියල් 8650ක් ගෙවුවා. එතනින් පස්සේ සතපහක් ගෙව්වේ නැහැ. දැන් මේක මගහරිමින් ඉන්නවා. මේ නිසා ආණ්ඩුවට බලකරන්න තමයි අපි අද ආවේ." යනුවෙනි.

මේ අතර ආබාධිත රණවිරුවන් පිරිසක් ද කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරත වී සිටිනවා.  

ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා ඊයේ (08) සිට ඔවුන් මෙම සත්‍යග‍්‍රහයේ යෙදී සිටිනවා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ. ඩී වසන්ත සඳහන් කළේ යුද්ධ වෙනුවෙන් සටන් කළ රණවිරුවන් විවිධ ගැටළු රැසකට මුහුණ දෙමින් ඇති බවයි.